Published
ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සියැසින් දැකබලා ගැනීමට මෙරට ජනතාවට අද රාත්‍රියේ අවස්ථාව හිමි වනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති සහ එහි අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අඳුරු චාපයකින් පෘථිවියේ තිබෙන පූර්ණ ඡායාව චන්ද්‍රයා මත වැටීම රාත්‍රී 09යි 57 සිට පියවි ඇසට දිස් වන බවයි.
අද සිදුවන චන්ද්‍රග්‍රහණය නැරඹීම සඳහා අහස නිරීක්ෂණ කඳවුරක් රාත්‍රියේ කොළඹදී පැවැත්වෙනවා. ඊට කැමති පුද්ගලයින්ට එක්විය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.


