කාන්තාව පිරිමියාටත්, පිරිමින් කාන්තාවන්ටත් සැබෑ ගරුත්වයක් ලබා නොදෙන තැන සමාජයේ ඉදිරිය කෙබඳු වේද? දිනෙන් දින වාර්තා වන හිත්පිත් නොමැති සිද්ධීන් ඒ පිළිබඳ ඇති කරන්නේ ප්‍රශ්නාර්ථයක්.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් හෝ පොතට පතට පමණක් සීමා නොවූ හිතක් පපුවක් ඇති මිනිසුන් හදන්න පුලුවන් වෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න මහත්මිය නම් පවසන්නේ මිශ්‍ර පාසල් ක්‍රමය සෑම පාසලකම ක්‍රියාත්මක නොවීම සමාජයේ මේ වන විට පවතින බොහෝ ගැටලුවලට හේතුවක් වී ඇති බවයි.

තෙතමනයක් ඇති හිතක් ඇති මිනිසුන් බිහි කරන සෞන්දර්යය පෙළ පොතෙන් ඉවත් වනවාද? අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඒ පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ විවාදය හෙට පැවැත්වීමට නියමිතයි.