අයහපත් කාලගුණය සමග ආපදා සිදුවූ දිනවල කොත්මලේ ජලාශය සම්බන්ධයෙන් රට තුළ පැනනැඟුණු විවිධ මත සම්බන්ධයෙන් අද පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ගෙන් මෙහිදී කරුණු විමසා සිටියා.

ඇතැමුන් චෝදනා කළ පරිදි කොත්මලේ ජලාශයේ වේලි එක්වරම විවෘත කිරීමක් සිදු නොකළ බවද එම නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි ඇතුළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් රැසක් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.