නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර ආරක්ෂා කර රැක ගන්නාවා සේම අපේකම ගමේකම නගරයේකම ඉතිහාසය සභ්‍යත්වය රැකගෙන අධ්‍යාපන ක්ෂේත්‍රය අලුත් වි නවීකරණය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

අපේකම රැකගෙන සභ්‍යත්වය සංස්කෘතිය රැකගෙන මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදුවිය යුතු වුවත් වර්තමාන ආකාරයට නම් අධ්‍යාපනයට අනාගතයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පවසා තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ පිළිරුව අභියස දී ‘නිදහස් අධ්‍යාපනය රැකගමු’ යනු තේමාව පෙරදැරි කර ගනිමින් ජන හමුවකට එක්වෙමින්.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළේ ඔ්නෑම නිපුණතාවකට මුහුණ දිය හැකි සංස්කෘතිය අගය කරන සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කිරිමට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පවසා තිබෙනවා.