Published
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
ඒ, සෞන්දර්ය සහ ඉතිහාස විෂයන් ද පාදක කර ගනිමින්.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රා කිරිඇල්ල මහත්මිය.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.
කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ අක්මුල් සහිත සමාජයක් ගොඩනැගීමේදී ඉතිහාසය මෙන්ම සෞන්දර්ය ද අමතක නොකරන බවයි.