මහා පරිමාණ හා කුඩා පරිමාණ වී මෝල් හිමියන් වී මිලදී ගැනීම නතර කර ඇති බව ගොවීන් පවසනවා. ඒ අනුව වී ගබඩාවල පවතින අඩුපාඩු නිරාකරණය කර වී මිලදී ගැනීමට රජය මැදිහත් විය යුතු බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී වී ගොවීන්ට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.