ඇල්ල - වැල්ලවාය මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරට අදාළව එම අවස්ථාවේ මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ජීප් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් රැගත් විනෝද චාරිකාවක නිරත වෙමින් සිටි බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. එම අනතුර සම්බන්ධයෙන් තවත් තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න.