Published
පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට සිට ඉදිරි දින කිහිපයේදී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි.
ඒ අනුව ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.