නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද උදෑසන වනවිට පීඩන අවපාත තත්ත්වය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එය ක්‍රමයෙන් දුර්වල වෙමින් අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය පැවසුවා.
ඒ අනුව ඉදිරි පැය 24 තුළදී උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර ධීවර කටයුතුවලින් වැලකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.




