ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ කාර්යසාධක බලකාය දෙවන වරට ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.
ඒ අනුව, සංචාරකයන්ට වීසා ලබා ගැනීම පහසු කිරීම සහ විද්‍යුත් සංචාරක අවසර පත්‍ර (ETA) ලබා දීමට අදාළ කරුණු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු විය.
එමෙන්ම, සංචාරකයන් මෙරටට පැමිණිමේදී ගුවන් තොටුපොළේදී ඇති වන තදබදය අවම කර ගැනීම සඳහා කවුන්ටර වැඩි කිරීම සහ සංචාරකයන් විවිධ ස්ථාන නැරඹීමට යාමේදී ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතු ස්ථානවලදී එම ප්‍රවේශ පත්‍ර Online ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සැලසීම ආදිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
සංචාරකයන් සහ සංචාරක ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.





