කිසියම් වරදක් සිදු කරන දරුවන්ට පාසලේදී නිවැරදි මඟට යොමු කිරීම සඳහා නවීන ලෝකය ගෙන ඇති පියවර මේ මොහොතේ අත්‍යවශ්‍ය වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පවසනවා.
ඇය කියා සිටියේ එසේ නොකර පාසලේදී ගුරුවරුන් තවදුරටත් අපහසුතාවයට පත් කිරීමෙන් ගැටලුවලට විසඳුමක් නොලැබෙන බවයි.
මේ අතර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ලුණු සමාගම ඇතුලු ආයතන 05ක් නව රජය යටතේ ලබාගත් ලාභාංශවලින් කොටසක් පාර්ලිමේන්තුවේ දී භාරදී තිබෙනවා.
මෙම අවස්ථාවට එක් වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ මෙම ආයතන පහ හරහා රුපියල් ලක්ෂ 7,500කට අධික ලාභාංශ ලබාදී ඇති බවයි.
මේ යටතේ ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය රුපියල් මිලියන 500ක්, ඊක්‍ක් ආයතනය රුපියල් මිලියන 50ක්, ජාතික ලුණු සමාගම රුපියල් මිලියන 100ක්, ලංකා පොස්පේට් ආයතනය රුපියල් මිලියන 100ක් හා ලංකා ග්‍රැෆයිට් ආයතනය රුපියල් මිලියන 7යි දශම 4ක ලාභාංශ මෙහිදී ලබාදී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය භාණ්ඩාගාරයට මුදල් ලබාදී තිබුණේ වසර 14කට පසු වීමයි.



