පස්වන දිනටත් දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින ඉන්දියාවේ විශාලතම ගුවන් සේවය වන ඉන්ඩිගෝ ගුවන් සමාගම සිය ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මෙම ගුවන් සේවයේ නව කාර්ය මණ්ඩල ලැයිස්තුගත කිරීමේ නීතිවලට අනුගතවීමට අපොහොසත් වීමෙන් පසු නියමුවන්ගේ හිඟයකට මුහුණ දීමට සිදු වීම මිට හේතුවෙන්.

ඉන්දියාවේ වෙළඳපල කොටසෙන් සියයට 60 ක් හිමිකර ගෙන සිටින මෙම ගුවන් සමාගම ගුවන් යානා 400 කට අධික සංඛ්‍යාවක් සමඟ දිනකට ගුවන් ගමන් 2,300 කට වඩා පියාසර කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අවලංගු කිරීම හේතුවෙන් ඉන්දියාවේ සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

කෙසේවෙතත් කාර්යබහුල සංචාරක සමයක් තුළ අගනුවර වන දිල්ලි සිට පැමිණෙන සියලුම ඉන්ඩිගෝ ගුවන් ගමන් අවලංගු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යාවත්කාලීන තොරතුරු ලබා නොදීම සහ ආහාර නොමැතිව මගින් විශාල පිරිසක් ගුවන් තොටුපළේ අතරමංව සිටින බවද සදහන්.

දිල්ලි මුම්බායි සහ අනෙකුත් නගරවල ප්‍රධාන ගුවන් තොටුපළවල් මගීන්ට ගුවන් තොටුපළට යාමට පෙර ඔවුන්ගේ ගුවන් ගමන්වල තොරතුරු පරීක්ෂා කරන ලෙසටද උපදෙස් නිකුත් කර තිබෙනවා.

නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ ගුවන් ගමන් 37 ක් සහ ඉන්ඩිගෝ ගුවන් ගමන් 49 ක් අද අවලංගු කර තිබෙනවා.

එමෙන්ම ගුජරාටයේ අහමදාබාද් සහ ගාන්ධිනගර් යන දෙකෙහිම පැමිණීමේ ගුවන් ගමන් හතක් සහ පිටත්වීමේ ගුවන් ගමන් 12 ක් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මුම්බායි හි චත්‍රපති ශිවාජි මහරාජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ ගුවන් ගමන් 51 ක් සහ පිටත්වීමේ ගුවන් ගමන් 58 ක් පූනේ ගුවන් තොටුපළේ ගුවන් ගමන් 42 ක් අවලංගු කරන ලදී. චෙන්නායි ගුවන් තොටුපළේ ඉන්ඩිගෝ ගුවන් ගමන් 30 ක් ,දීබැංගලෝරයේ කෙම්පේගවුඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සමාගමේ ගුවන් ගමන් 50 ක් අවලංගු කරන ලදී. හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ ගුවන් ගමන් 26 ක් සහ පිටත්වීමේ ගුවන් ගමන් 43 ක් අවලංගු කරන ලදී. දිල්ලියේ සිට පැමිණෙන සියලුම ඉන්ඩිගෝ ගුවන් ගමන් අද අවලංගු කර තිබෙනවා.

ලබන වසරේ පෙබරවාරි 10 වන දින වන විට මෙහෙයුම් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වනු ඇතැයි ඉන්ඩිගෝ පවසා

මේ අතර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තය 1 හි ඉන්ඩිගෝ කවුන්ටරයේ දැඩි තදබදයක් සහ අවුල් සහගත තත්ත්වයකද මතුව තිබෙනවා

ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දියාවේ ගුවන් සේවා නියමුවන් පැවසුවේ නව ගුවන් ගමන් රාජකාරි කාල සීමා කිරීමේ නීති ක්‍රියාත්මක කිරීමේදී වැරදි විනිශ්චයන් සහ සැලසුම් කිරීමේ හිඩැස් හේතුවෙන් මෙම බාධා ඇති වූ බවයි.

කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, පුහුණුව, රෝස්ටර් ප්‍රතිව්‍යුහගත කිරීම, ආරක්ෂාව-අවදානම් තක්සේරු කිරීම් සහ අනෙකුත් අවම කිරීමේ පියවරයන් පිළිබඳ සවිස්තර සැලැස්මක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරිපත් කරන ලෙසද නියමුවන් ඉන්ඩිගෝ වෙත නියෝග කර තිබෙනවා.

දේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඉන්ඩිගෝ ගුවන් සේවයට නව නියමු විවේක නීතිවලින් නිදහස් කිරීමක් ලබා දී ඇති බවත්, මෙහෙයුම් ස්ථාවර කිරීම සඳහා සතිපතා විවේකය සමඟ නියමු නිවාඩු ඒකාබද්ධ කිරීමේ තහනම ලිහිල් කර ඇති බවයි

නමුත් ගුවන් සේවයට ඉන්දියානු ගුවන් නියමුවන්ගේ සංගමයෙන් දැඩි විවේචන එල්ල වී ඇති අතර, ඔවුන් කියා සිටියේ ගුවන් සේවයට රාජකාරි වේලාවන් සඳහා ලබා දෙන ඕනෑම සහනයක් නව රෙගුලාසිවල ආත්මයට හානි කරන බවත් පියාසර කරන මහජනතාවගේ ආරක්ෂාව "බරපතල ලෙස" අවදානමට ලක් කරන බවත්ය.