ඉන්දියාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එරට තුළ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල ශාඛා මණ්ඩප පිහිටුවීම සඳහා බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ අයදුම්පත අනුමත කර තිබේ.
ඉන්දියාවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය 2020 යටතේ එවැනි පිළිගැනීමක් ලබා ගත් පළමු විශ්ව විද්‍යාලය බවට පත්වන්නේ ඔස්ට්‍රේලියාවේ බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයයි.
ඒ අනුව පළමු බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය මණ්ඩපය මුම්බායි හි විවෘත කිරීමට නියමිත බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බටහිර ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අමිත් චක්මා පැවසුවේ ඉන්දියාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීම තුළින් එම විශ්ව විද්‍යාලය ගෞරවයට පාත්‍ර වන බවයි.
එය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින හවුල්කාරිත්වය ශක්තිමත්වීමට හේතුවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
“මෙම සන්ධිස්ථානය අධ්‍යයන විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ ගෝලීය සහයෝගීතාවය සඳහා අපගේ හවුල් කැපවීම පිළිබිඹු කරන අතර ඉන්දු-පැසිෆික් කලාපයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක් වීමට අපගේ කැපවීම ශක්තිමත් කරයි,” මහාචාර්ය චක්මා පැවසීය.