ආසියානු කුසලාන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සමග අද පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදුවිය හැකි බව පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා. ඔහු කියා සිටියේ සිදු වූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් අද තරඟයට පිවිසීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුකරන විවිධ ආදේශ සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. තරඟය පැවැත්වෙන්නේ ඩුබායි හීදීයි.