අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට එරෙහිව නැවත වරක් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්. සිට ‘ටෘත්’ සෝශල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව රුසියාවෙන් විශාල වශයෙන් තෙල් මිලදී ගැනීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළඳපොළේ එම තෙල් අලෙවි කර විශාල ලාභ උපයන බවයි. එමෙන්ම රුසියානු ක්‍රියාකලාපය හේතුවෙන් යුක්‍රේනයේ කොපමණ පිරිසක් මිය යන්නේද යන්න ඉන්දියාවට ප්‍රශ්නයක් නොවන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මේ හේතුවෙන් ඉන්දියාවට පනවන අමෙරිකානු තීරු බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට තීරණය කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ. අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තර්ජනාත්මක ප්‍රකාශය සිදුකර ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැනටමත් සියයට 25ක තීරු බද්දක් පනවන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළයි.
Published