Published
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ ස්ථිර ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ චීනයේ Qingdao හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින්.
එහිදී ඉන්දියාවේ සම්මුති විරහිත ප්‍රවේශය ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා පැවසුවේ, ඉන්දියාවේ ත්‍රස්තවාදය නොඉවසන බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවයි.
එමෙන්ම ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂා වීමට අයිතිය ද ඔහු තහවුරු කළේය.
ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථාන තවදුරටත් ආරක්ෂිත නොවන බව ඉන්දියාව පෙන්වා දී ඇති බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ ත්‍රස්තවාදී කේන්ද්‍රස්ථාන ඉලක්ක කිරීමට ඉන්දියාව පසුබට නොවන බවයි.
එමෙන්ම තරුණ ප්‍රජාව අතර අන්තවාදය ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර ගත යුතු බව් ද ඔහු පෙන්වා දුන්නේය.