නේපාලයේ ඉන්දීය තානාපති කාර්යාලය මගින් එරට විවිධ දිස්ත්‍රික්ක පුරා ස්ථාපිත විවිධ සෞඛ්‍ය ආයතන වෙත ගිලන්රථ 40ක් පරිත්‍යාග කර තිබෙනවා.
ඒ සඳහා වූ උත්සව කත්මන්ඩු හි ඉන්දීය තානාපති කාර්යාලය, Birgunj හි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය සහ Pokhara සහ Dharan හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේ විශ්‍රාම වැටුප් ගෙවන කාර්යාල ඇතුළු ස්ථාන හතරකදී එකවර සංවිධානය කර තිබූ බවයි නේපාලයේ ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එම තානාපති කාර්යාලයට අනුව, නේපාලයේ පළාත් 7ම පුරා දිස්ත්‍රික්ක 33ක් ආවරණය වන පරිදි ගිලන්රථ 40ක් බෙදා හැර තිබෙනවා.
ඉන් ගිලන්රථ 22ක් භාර දී ඇත්තේ කත්මණ්ඩු නුවරදීයි.
කත්මණ්ඩු නුවර පැවති උත්සවයේදී වාහනවල යතුරු භාරදීම කත්මණ්ඩු හි ඉන්දීය තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ප්‍රසන්න ශ්‍රීවාස්තාවා විසින් සිදු කරන ලදී.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට නේපාල රජයේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා නේපාල-ඉන්දියා සංවර්ධන හවුල්කාරිත්වය යටතේ ගිලන්රථ ප්‍රදානය කිරීම ඉන්දීය රජයේ දිගුකාලීන මුලපිරීම්වලින් එකක් බව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා මෙම අවස්ථාවෙහිදී අවධාරණය කළේය.