බදුල්ල දිස්ත්‍රික්කයට ඇති වූ ආපදා තත්ත්වය මේ වන විට කළමනාකරණය කර ගනිමින් කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අභයවර්ධන මහතා පවසනවා.

ඉන්දියාවෙන් පැමිණ සිටින ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා නිලධාරීන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දිනයේ බදුල්ලට පැමිණෙනන බවයි ඔහු සඳහන් කළේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාරගෙන්.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ ආපදාවට ලක්ව අවතැන් වූ පුද්ගලයින්ට ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසුවා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා.