මෙරට අධිකරණවලින් ඇප ලබා ගෙන, පසුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පළා ගොස් සිටි ශ්‍රී ලාංකික සැකකරුවන් තිදෙනෙකු, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත එරටින් පිටුවහල් කර යළි මෙරටට එවා තිබෙනවා.
එසේ පිටුවහල් කළ සැකකරුවන් ඉන්දියාවේ ටි්‍රචි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවූ බවයි පොලීසිය පැවසුවේ.
මොවුන් තිදෙනා ඉකුත් 27 වන දින මන්නාරමෙන් ඉන්දියාව බලා යන බෝට්ටුවක නැගී මෙරටින් පළා ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සැකකරුවන් තිදෙනා කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු වැලිහේන, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවෙකු මීට අමතරව වැල්ලප්පලම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.