ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩ්හි ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එම හෙලිකොප්ටරය ගෞරිකුන්ඩ් සහ සොන්ප්‍රයාග් ප්‍රදේශ අතර වනාන්තරයකට කඩා වැටීමෙන් අනතුර සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරින් මිය ගිය පිරිස අතරට ගුවන් නියමුවාද අයත්.
උත්තරාකන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ මෙම අනතුර ඉන්දීය වේලාවෙන් අද අලුයම 5යි 20ට පමණ සිදුව ඇති බවයි.
අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය තුළ වන්දනාකරුවන් හය දෙනෙකු සහ ගුවන් නියමුවෙකු සිට තිබෙනවා.
ඒ අතර වැඩිහිටියන් පස් දෙනෙකු සහ මාස 23ක බිළිඳෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
අනතුරෙන් ඔවුන් සියල්ලන්ම පිළිස්සී මිය ගොස් ඇති බව උත්තරාකන්ඩි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
මියගිය පුද්ගලයින් උත්තරාකන්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
තාක්ෂණික දෝෂ සහ කාලගුණික තත්ත්වයන් අනතුරට හේතුවන්නට ඇති බවයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ.
ආපදා සහන කණ්ඩායම් සිද්ධිය වූ ස්ථානයට ගොස් ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇති අතර මේ වන විට මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබෙනවා.
ඉකුත් මැයි 02 වනදා කේදර්නාත් හිමාලය දේවාලයෙහි දොරටු විවෘත කිරීමේ උත්සවයකදීද මෙවැනිම අනතුරක් සිදු වී ඇති අතර එයින් පසු සිදු වූ පස්වන අනතුර මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.