ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපක 3යි දශම 9ක භූ කම්පනයක් එලෙස හටගෙන ඇති බවයි එරට කාලගුණ අංශ පවසන්නේ.

මෙම භූ කම්පනය පස්වරු 03යි 30ට පමණ කිලෝ මීටර් 05ක් ගැඹුරින් සිදුව ඇතැයිද සඳහන්.

කෙසේවෙතත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ.

මේ අතර දිවයිනම ආවරණය වන පරිදි නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානම් වැඩසටහනක් සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.