ශ්‍රී ලාංකේය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “අනුබුදු දහමින් ලොවම නිවේවා“ තේමාව යටතේ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී අද පැවති ජාතික පොසොන් උත්සවයට එක් වෙමින්.

සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිශ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අත්නොහැර ඉටු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේ.

ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ බිඳ වැටුණු සමාජය යළි ගොඩනැගීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවයි.