ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිඩ්‍රාබාද් නුවර පශමිලරාම් ප්‍රදේශයේ රසායනික කම්හලක සිදු වූ පිපිරීමකින් මියගිය පුද්ගලයින් ගණන 42 දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පිපිරීම සිදු වන අවස්ථාවේදී එම කම්හල තුළ සේවකයන් 90ක් පමණ රැඳී සිට තිබෙනවා.

පිපිරීම සිදු වූ කම්හලේ සුන්බුන් අතර තිබී පුද්ගල මළ සිරුරු 31ක් සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම අනතුරෙන් තුවාල ලැබුවන් සහ දිවි ගලවා ගත් පුද්ගලයන් සොයා අදාළ ගොඩනැගිල්ල ආශ්‍රිත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බවයි ඉන්දීය බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.