Published
ඉන්දියාව සිය නව පරම්පරාවේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සාර්ථකව සිදුකර තිබෙනවා.
“අග්නි ප්‍රයිම්” නමැති මැදිදුර බැලැස්ටික් මිසයිලයක් එලෙස අත්හදා බැලූ බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.
දුම්රිය පාදක ජංගම දියත් කිරීමකින් පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයක් යටතේ එය දියත් කර ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.
“අග්නි ප්‍රයිම්” මිසයිලය කිලෝ මීටර 2,000ක දුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකියාවකින් යුක්ත බවි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.




