ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාවේ තීරණාත්මක නායකත්වය පිළිගන්නා බව ඔස්ට්‍රේලියාව පවසනවා. එමෙන්ම ඔස්ට්‍රේලියාව පවසන්නේ ඉන්දියාව සිය ඉහළම මට්ටමේ ආරක්ෂක සහකරු ලෙස නම් කරන බවයි. ඔස්ට්‍රේලියාවේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ දෙරටේම ආරක්ෂක සබඳතා ශක්තිමත් කරමින් තිබියදීයි. විවෘත, ස්ථාවර සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දැක්මක් බෙදා ගන්නා නිසා රටවල් දෙකම ආරක්ෂක හවුල්කාරිත්වය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන බව ද ඔස්ට්‍රේලියාව පවසා තිබෙනවා. විශාලතම ඉන්දියන් සාගර වෙරළ තීරයක් ඇති රටවල් දෙකක් ලෙස, දෙරටේ හවුල්කාරිත්වය සඳහා සමුද්‍ර ආරක්ෂාව කේන්ද්‍රීය බවයි ඔස්ට්‍රේලියාව අවධාරණය කර ඇත්තේ. 2024 නොවැම්බර් 19 වන දින රියෝ ද ජැනයිරෝ හි පැවති G20 සමුළුවට සමගාමීව පැවති 2 වන ඉන්දියා-ඕස්ට්‍රේලියා වාර්ෂික සමුළුවේදී දෙපාර්ශවයම සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට සහ මෙහෙයුම් ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා අන්‍යෝන්‍ය ආරක්ෂක තොරතුරු හුවමාරු කර ගැනීමට එකඟ විය.