රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව ඉන්දියාවට බලපෑම් එල්ල කිරීම රුසියාවේ විවේචනයට ලක්ව තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඒ සම්බන්ධයෙන් අමෙරිකාවට දොස් පවරා ඇති බවයි. රුසියාව සමග සිදු කරන බොරතෙල් ගනුදෙනු නතර කරන ලෙස ඉන්දියාවට බලපෑම් කිරීමට දරන උත්සාහයන් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එක්සත් ජනපදයට දොස් පවරා තිබේ. එමෙන්ම පුටින් පවසා ඇත්තේ ඉන්දියාව කිසි විටෙකත් එවැනි ඉල්ලීම්වලට හිස නමා කිසිවෙකු ඉදිරියේ නින්දාවට පත්නොවන බවයි. සෝචි හි වැල්ඩායි සාකච්ඡා සමාජයේ පූර්ණ සැසිවාරයේදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හඳුන්වා දී ඇත්තේ "සමබර හා ප්‍රඥාවන්ත නායකයෙකු" ලෙසයි. රුසියාව සහ ඉන්දියාව විශේෂ සම්බන්ධතාවයක් බෙදා ගන්නා බව පවසා ඇති පුටින් ඉන්දියාව රුසියානු බොරතෙල් ආනයනය කිරීම හුදෙක් ආර්ථික ක්‍රියාවලියක් බව ද පැවසුවේය. එමෙන්ම පුටින් පෙන්වා දුන්නේ දෙරටෙහි ඉන්ධන ගනුදෙනුවල කිසිඳු දේශපාලනික පැතිකඩක් නොමැති බවයි. ''දණ්ඩනීය එක්සත් ජනපද තීරුබදු හේතුවෙන් ඉන්දියාව මුහුණ දෙන පාඩු රුසියාවෙන් බොරතෙල් ආනයනය මගින් සමතුලිත වනු ඇති අතර, එය ස්වෛරී ජාතියක් ලෙස කීර්තියක් ලබා ගනු ඇත." යනුවෙන් ද පුටින් එහිදී පවසා තිබේ.