ඉන්දියාව සහ ඕමානය බ්‍රහස්පතින්ද විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් CEPA අත්සන් කළ අතරල ඒ යටතේ ඕමානය ඉන්දියාවට එහි තීරුබදු රේඛාවලින් 98.08%ක් සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා දෙනු ඇත.

එය ඉන්දියාව ඕමානයට අපනයනය කරන භාණ්ඩවලින් 99.38්‍% ක් ආවරණය කරයි.

අනෙක් අතටල ඉන්දියාව එහි මුළු තීරුබදු රේඛාවලින් 77.79% ක් සඳහා ලිහිල් කළ තීරුබදු ලබා දී ඇති අතර එය ඉන්දියාව ඕමානයෙන් ආනයනය කරන භාණ්ඩවලින් 94.81% ක් ආවරණය කරයිග

වෙළඳ භාණ්ඩ අපනයන සඳහා තීරුබදු ඉවත් කිරීමට අමතරවල සේවකයින්ගේ සංචලනය ඇතුළුව ඉන්දියාවේ සේවා අංශයට ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කරන සහන කිහිපයක් ද මෙම ගිවිසුමට ඇතුළත් වේග

අගමැති නරේන්ද්‍ර මෝදි සහ සුල්තාන් හයිතම් බින් තාරික් ඉදිරියේ මස්කට්හිදී වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් සහ ඕමානයේ වාණිජල කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කයිස් බින් මොහොමඩ් අල් යූසෙෆ් විසින් මෙම ගිවිසුම අත්සන් කරන ලදීග

2024-25 දී ඉන්දියාව ඕමානයට ඩොලර් බිලියන 4.06 ක් වටිනා භාණ්ඩ අපනයනය කළ අතර එය එම වසරේ ඉන්දියාවේ මුළු අපනයනයෙන් 0.93%ක් විය.

එය ඕමානයෙන් ඩොලර් බිලියන 6.5ක් වටිනා භාණ්ඩ ආනයනය කළ අතර එය 2024-25 දී ඉන්දියාවේ මුළු ආනයනයෙන් 0.91% ක් වියග