ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං නිල සංචාරයක් අරඹමින් මාලදිවයිනට පැමිණ තිබේ.

ඔහු මාලේ නුවරදී මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් හමුවිය.

එහිදී ඉන්දීය සාගර කලාපයේ (IOR) හමුදා සහයෝගීතාව, ධාරිතාව වර්ධනය, ආරක්ෂක උපකරණ ප්‍රවර්ධනය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත ආරක්ෂක ලේකම්වරයා එරට ජාතික ආරක්ෂක උපදේශක (NSA) ඉබ්‍රාහිම් ලතීෆ් ද හමුවූ අතර, හැකියාවන් වැඩි දියුණු කිරීම, ධාරිතාව වර්ධනය සහ ඉන්දියානු සාගර කලාපයේ නැගී එන අභියෝග පිළිබඳ ධාරිතාව වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉන්දියාව සහ මාලදිවයින අතර මාලේ හි පැවති වාර්ෂික ආරක්ෂක සහයෝගීතා සංවාදයේ 6 වන සංස්කරණයේදී රාජේෂ් කුමාර් සිං ඉන්දීය පාර්ශවයට නායකත්වය දුන්නේය.