ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සිය නිල සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබෙනවා.
එතුමිය සමග තවත් දෙදෙනෙකු ඉන්දියාවට ගොස් සිටි අතර එම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් සිටියේ ඉන්දියාවේ එන් ඩී ටී වී ආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහායි.
ඉන්දීය නිල සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද ඉකුත් දා සිදුවුණා.
X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් බවයි.
මෙම හමුවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවොත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණා.
එහි දැක්වුණේ සමීප අසල්වැසියන් ලෙස අපගේ සහයෝගීතාවය දෙරටේ ජනතාවගේ සමෘද්ධිය මෙන්ම කලාපයේ සමෘද්ධිය සඳහා ඉමහත් වැදගත්කමක් ගනු ඇති බවයි.