සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 04වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 32යි පන්දු 4ක් තුල කඩුලු දෙකක් දැවී ලකුණු 93ක් රැස් කරගෙන සිටියා.

යශස්වි ජයිස්වාල් සහ සායි සුදර්ශන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

තරඟයේ පළමු ඉනිම සඳහා සංචාරක ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 669ක්.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ඉන්දියාව ලකුණු 301ක් පසුපසින් සිටිනවා.

මැන්චෙස්ටර්හිදී දෙරට අතර පැවැත්වෙන සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ හතරවන දිනය අදයි.