Published
සිදුව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා
සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ආපදා හේතුවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව තමන් සිය ශෝකය ප්‍රකාශ කරන බවත් බලපෑමට ලක් වූ සියලුම පවුල්වල ආරක්ෂාව, සැනසීම සහ ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බවයි.
සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දියාව හදිසි සහන ද්‍රව්‍ය ලබා දී ඇති බවත්, තත්ත්වය වර්ධනය වන විට තවත් ආධාර සහ ආධාර ලබා දීමට අපි සූදානම් බවත් සිය X ගිණුමෙහි සටහනක් තබමින් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා .
අසල්වැසි ප්‍රථම ප්‍රතිපත්තිය සහ මහාසාගර් දැක්ම යටතේ ශ්‍රී ලංකාවට සහයෝගය නැවතත් තහවුරු කර ඇති බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබෙනවා





