ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් මාකෝස් අතර ද්විපාර්ශවික සාකච්ඡා වටයක් ඊයේ පැවැත්විණි. ඒ, පිලිපීන ජනාධිපතිවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයට සමගාමීවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන මෙම සංචාරයේදී ඔහු දින 05 ක කාලයක් ඉන්දියාවේ රැඳී සිටිනු ඇත. දෙරටේ ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සංචාරයේ අරමුණයි. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැති එම ද්විපාර්ශවික සාකච්ඡාවලදී ආරක්ෂක, ආර්ථික සහ සාමාජීය ඇතුළු අංශ කිහිපයක් පිළිබඳ නායකයින් දෙපළ අවධානය යොමු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර පිලිපීන ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ද හමුවී සාකච්ඡා කර ඇත.