පුද්ගලයින් 242 රැගෙන පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානය අනතුරට පත්වීම සහ ඉන් මිය ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ශෝකය පළ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද්හි සිදුවූ ගුවන් අනතුර බිහිසුණු එකක් බවයි.

මෙම කණගාටුදායක අවස්ථාවේදී ඉන්දියාවට සහය පළ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

එමෙන්ම ට්‍රම්ප් පැවසුවේ ඉන්දියාවට එය හැසිරවීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාසය කරන බවයි.

ගුවන් අනතුර භයානක බවත්, මෙම අවස්ථාවේදී ඉන්දියාවෙ වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයක් සිදු කරන බවත් ට්‍රම්ප් පැවසීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉන්දියාව විශාල රටක් සහ ශක්තිමත් රටක් බවයි.