ඉන්දීය නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපති ජපානයට පැමිණ තිබේ.

ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි.

ඒ අනුව ඔහු ජූලි 30 සිට අගෝස්තු 2 දක්වා ජපානයේ රැඳී සිටිනු ඇත.

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය පවසන්නේ දෙරට අතර ශක්තිමත් වබ විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වයට සමගාමීව, ඉන්දියාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තහවුරු කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් මෙම සංචාරය සිදු කෙරෙන බවයි.

සංචාරය අතරතුර, ඉන්දීය නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් දිනේෂ් කේ ත්‍රිපති ජපාන ආරක්ෂක අමාත්‍ය නකතානි ජෙන්, ආරක්ෂක උප අමාත්‍ය මසූඩා කසූඕ ඇතුළු ජපාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඔහු ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ (JMSDF) මාණ්ඩලික ප්‍රධානී ඇඩ්ම් සයිටෝ අකිරා ද හමුවීමට නියමිතයි.