ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබෙනවා.

X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් බවයි.

මෙම හමුවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවොත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ සමීප අසල්වැසියන් ලෙස අපගේ සහයෝගීතාවය දෙරටේ ජනතාවගේ සමෘද්ධිය මෙන්ම කළාපයේ සමෘද්ධිය සඳහා ඉමහත් වැදගත්කමක් ගනු ඇති බවයි.