Published
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා
මෙහිදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ පණිවිඩයක් භාර දීමට නියමිත අතර, ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගිතාව පිළිබඳවද සාකච්ඡා පවත්වනු ඇති.
ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන විශේෂ සහයෝගිතා පැකේජයක් අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.




