විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දියානු රජය සහ ඉන්දියානු සංස්කෘතික සබඳතා පිළිබඳ කවුන්සිලය විසින් මෙරට දේශපාලන පක්ෂ 14ක තරුණ දේශපාලනඥයන් 24 දෙනකුට ඉන්දියාවේ ආර්ථිකය, අධ්‍යාපනය, තාක්ෂණය, සංස්කෘතික සබඳතා ආදී ක්ෂේත්‍ර රැසක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. එම අවස්ථාව ලබා ගෙන ඉන්දීය සංචාරයක නිරත වූ එම පිරිස මෙරටට පැමිණීමෙන් අනතුරුව සිය අත්දැකීම් සහ අදහස් බෙදා හදා ගැනීමේ අරමුණින් ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලය විසින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙරට දේශපාලන පක්ෂ නායකයන්ගෙන් යුත් හමුවක් සංවිධානය කරන ලදී. මෙරට ඉන්දීය මහකොමසාරිස් වරයා සහ මෙරට පක්ෂ නායකවරුන්ගෙන් සමන්විත වූ මෙම හමුවේදී දේශපාලන පක්ෂ 14ක තරුණ දේශපාලන නායකයන් 24 දෙනකු ඉන්දීය සංචාරයේදී ඔවුන් ලබා ගත් අත්දැකීම් මෙහි දී බෙදා ගන්නා ලදී. මෙම අවස්ථාවට මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ දේශපාලන පක්ෂ නායකයෝ ඇතුළු පිරිසක් එක් වී තිබෙනවා. මෙහි දී ඉන්දියාවේ වේගවත් ආර්ථික වර්ධනය, තාක්ෂණික දියුණුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය සංස්කෘතික සබඳතාවය ප්‍රජාතාන්ත්‍රීය සම්ප්‍රදායන් ආදී ක්ෂේත්‍ර රැසක අදහස් ඉදිරිපත් කිරීමත් අත්දැකීම් බෙදා ගැනීමත් සිදුව තිබෙනවා.