Published
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනා සහ කාන්තාව ඉදිරි දින තුන ඇතුළත දිවයිනට රැගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන්, තැඹිලි ලහිරු, බැකෝ සමන්ගේ බිරිඳ සහ කුඩා දරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. එම සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු පිරිස දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.
සංවිධානාත්මක අපරාධවලට යම් දේශපාලන සබඳතා ඇති බවට අනාවරණය වී ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ද එම මාධ්‍ය හමුවට එක් වුණා. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් පොලිස්පතිවරයා පැවසුවේ සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනෙකු ඇතුළු පිරිසක් එකවර අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වන බවයි. පසුගිය කාලයේ සංවිධානාත්මක අපරාධකරුවන් දිවයිනෙන් පලා යාමට හේතුව සම්බන්ධයෙන් ද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එහිදී අදහස් පළ කළා.