Published
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අද පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන්, තැඹිලි ලහිරු, බැකෝ සමන්ගේ බිරිඳ සහ කුඩා දරුවා පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ, මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.
කෙසේවෙතත් බැකෝ සමන්ගේ බිරිඳ සහ කුඩා දරුවා එරට ආරක්ෂක අංශ විසින් පසුව මුදා හැර තිබුණා.
පසුව දිවයිනට පැමිණි බැකෝ සමන්ගේ බිරිඳ සහ කුඩා දරුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.




