2025 බාලි විවෘත ප්‍රායෝගික පිස්තෝල සහ කාබයින තුවක්කු වෙඩි තැබීමේ ශූරතා තරඟාවලියේදී ජයග්‍රහණ හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද යළි දිවයිනට පැමිණියා. එම තරඟාවලියේදී රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 2025 බාලි විවෘත ප්‍රායෝගික පිස්තෝල සහ කාබයින තුවක්කු වෙඩි තැබීමේ ශූරතා තරඟාවලිය පසුගියදා ඉන්දුනීසියාවේ බාලි දූපතේදී පැවැත්වුණා. ඊට රටවල් 12ක වෙඩි තැබීමේ තරඟකරුවන් 450ක් එක්ව තිබෙනවා.