ඉන්දුනීසියාවේ ජාවා පළාතේ පසුගිය 14 වනදා සිදුවු නායයෑමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් සනාථ කර තිබෙනවා.

තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අතුරුදන්වූ පුද්ගලයින් සෙවීම සඳහා එරට ආපදා කළමනාකරණ අංශ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කැනීම් යන්ත්‍ර 21ක්, ආධාරක මෙවලම් 17ක් ඇතුළුව පුද්ගලයින් 600කට වැඩි පිරිසක් එම සෝදිසි මෙහෙයුම් සඳහා එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.