ඉන්දුනීසියානු මගී ප්‍රවාහන නෞකාවක් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
කෙසේවෙතත් එම නෞකාවේ සිටි පුද්ගලයන් 150 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඒ අතර සිටි පුද්ගලයන් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.
ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත්වල සිට මනාඩෝ අගනුවර වෙත ගමන් කල නෞකාවක් එලෙස ගිනි ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නෞකාව අනතුරට ලක් වන අවස්ථාවේදී පුද්ගලයන් 280කට අධික පිරිසක් නෞකාව තුල සිට ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඉන්දුනීසියානු ජාතික සෙවුම් සහ මුදාගැනීමේ ඒජන්සිය පැවසුවේ අනතුරෙන් දිවි බේරාගත්, තුවාල ලැබූ සහ අතුරුදහන් වූ පුද්ගල සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.
ඒ අනුව පුද්ගල මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් තවදුරටත් සිදු විය හැකි බවද ඔවුන් පවසනවා.
නෞකා දෙකක් සහ කුඩා යාත්‍රා කිහිපයක්ද යොදා ගනිමින් ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.