සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පැරදුමකින් තොරව අවසන් වී තිබෙනවා.
තරඟයේ පළමු ඉනිම සඳහා සංචාරක ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 669ක්.
ඉන් අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම තරඟය නිමාවට පත් වන විට කඩුලු 04ක් දැවී ලකුණු 425ක් රැස් කිරීමට සමත් වුණා.
ඉන්දීය කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් නායක සුබ්මන් ගිල් ලකුණු 103ක් රැස් කළා.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි වොෂින්ටන් සුන්දර් ලකුණු 101ක් සහ රවින්ද්‍ර ජඩේජා ලකුණු 107ක් රැස් කිරීමට සමත් වුණා.
පළමු ඉනිමේදී ප්‍රතිවාදී කඩුලු 05ක් සහ දෙවන ඉනිමේදී එක් කඩුල්ලක් දවා ගත් බෙන් ස්ටොක් තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තා.
දෙරට අතර පැවැත්වෙන පස්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 31වනදා ඕවල්හිදී ආරම්භ කිරීමට නියමිතයි.