අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු අතර හමුවක් මාලදිවයිනේ මාලේ අගනුවරදී පැවැත්විණි.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයිනේ නෙල සංචාරයට සමගාමීවයි.

මාලදිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව මාලදිවයිනේ ජනාධිපතිවරයා විසින් ජනරජ චතුරශ්‍රයේදී උත්සවාකාරයෙන් පිළිගැනීමෙන් අනතුරුව මෙම හමුව පැවැත්විණි.

උත්සවාකාර පිළිගැනීමෙන් අනතුරුව නායකයින් දෙදෙනා ජනරජ චතුරශ්‍රයේදී හමුවූ අතර, ආචාර වෙඩිමුර 21 ක්, මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ගෞරව සම්මාන මුරයක් සහ ළමුන්ගේ සංස්කෘතික නර්තනයක් ඇතුළත් විය.

පිළිගැනීමේ උත්සවයේදී දෙරටේම ජාතික ගීය ද වාදනය කෙරිණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ මෙම සංචාරය ඉන්දියාව සහ මාලදිවයින අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60 ක් සපිරෙන බවයි.

දෙරටේ නායකයින් දෙපළ අතර හමුවේදී දෙරටේ ද්විපාර්ශවික සබඳතා වර්ධනයට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ කැබිනට් මණ්ඩලය හමුවූ බව ද සඳහන්.