ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන සංවාදයක් පවත්වා තිබේ. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියානු යුද්ධයේ ‘ඉක්මන් සහ සාමකාමී විසඳුමක අවශ්‍යතාවය පිළිබඳ ඉන්දියාවේ ස්ථාවර ස්ථාවරය’ ප්‍රකාශ කළේය. එමෙන්ම සාමය සහතික කිරීම සඳහා හැකි සෑම දායකත්වයක් ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ. යුක්රේනය සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. එම දුරකතන සංවාදය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා ද පණිවිඩයක් තබා තිබේ. ඔහු එමගින් පවසා ඇත්තේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය සහ සමස්ත රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයන් සම්බන්ධයෙන් සියලු වැදගත් කරුණු විස්තරාත්මකව සාකච්ඡා කළ බවයි. එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනතාව වෙනුවෙන් දක්වන සහයෝගයට ස්තුතිවන්ත වන බව ද ඔහු පවසා තිබේ.