Published
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ රුසියානු ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රේ බෙලූසොව් අතර හමුවක් සිදුව තිබේ.
ඒ චීනයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීවයි.
එහිදී අමාත්‍යවරුන් දෙපළ කලාපීය ආරක්ෂක තත්ත්වය සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සහ උපායමාර්ගික සබඳතා කෙරෙහි අවධානය යොමු කළේය.
“කිංඩාඕ හි පැවති SCO ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව රුසියාවේ ආරක්ෂක අමාත්‍ය Andrey Belousov හමුවීමට ලැබීම ගැන සතුටුයි. ඉන්දියාව-රුසියාව අතර ආරක්ෂක සබඳතා නංවාලීම සම්බන්ධයෙන් අපට අවබෝධාත්මක සාකච්ඡා තිබුණා,” යනුවෙන් රාජ්නාත් සිං සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබිණි.
පකිස්ථානයෙන් පැන නගින දේශසීමා ත්‍රස්තවාදය පිළිබඳව ද ඉන්දියාව ඒ හමුවේ මුහුණ පා සිටින අභියෝගය පිළිබඳව ද රාජ්නාත් සිං එහිදී අදහස් දක්වා ඇත.