Published
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර හමුවක් අද සිදුවන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් නිල සංචාරයක් සඳහා අද රුසියාවට පැමිණෙන බවයි. එහිදී විදේශ අමාත්‍යවරුන් දෙදෙනාගේ ද්විපාර්ශවික හමුව මොස්කව් හිදී සිදුවනු ඇතැයි වාර්තා වේ. රුසියානු විදේශ අමාත්‍යංශය මගින් ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය නිල වශයෙන් තහවුරු කර තිබේ. ඒ අනුව එම අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වත්මන් සහ අනාගත මාර්ග පිළිබඳව අමාත්‍යවරුන් සිය සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි.