ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යෑමේ හැකියාවක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේ මෙම යුදමය තත්ත්වය කලාපීය වශයෙන් ව්‍යාප්ත වුවහොත් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම අවම කර ගැනීම සඳහා රජය කළ යුත්තේ කුමක්ද?