ධුරයෙන් ඉල්ලා අස් වූ ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබෙස්තියන් ලුකෝර්නු යළි එම තනතුරට පත් කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් එම පත් කිරීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අග්‍රාමාත්‍යවරයා ඉකුත් සතියේ එම ධුරයෙන් ඉල්ලා අස් වූයේ පත්වීම ලබා මාසයක් ගතව යාමට පෙරයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ලුකෝර්නු සිය ඉල්ලා අස්වීම එලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.

මීට පෙර ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය දැරූ ෆ්‍රැන්කොයිස් බයිරූට එරෙහිව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වීමෙන් පසු ඔහුට අගමැති ධුරය අහිමි වුණා.

එලෙස පුරප්පාඩු වූ ප්‍රංශ අගමැති ධුරයට සෙබස්තියන් ලුකෝර්නු මීට පෙර පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.