නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සදහා අද පස්වරු 4 ට නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
මේ අතර පවතින වැසි හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ වාන් දැමීම ආරම්භ වි ඇති බව මහවැලි අධිකාරිය පවසනවා.
රන්ටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි විය හැකි බවයි එම අධිකාරිය පවසන්නේ.
ලොග්ගල් ඔය, දියබානා ඔය, හෑපොල ඔය හා උල්හිටිය ජලාශවල වාන් මගින් පිටවන ජල ධාරිතාව හා බදුළු ඔයේ ජල ධාරිතාවද ඍජුවම මහවැලි ගඟට එකතුවන බැවින් මහවැලි ගඟේ පහළ නිම්න ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් සහ විමසිලිමත්ව සිටිය යුතු බවද මහවැලි අධිකාරිය සදහන් කළා.
මේ අතර කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව සහ කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති අතර බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද සහ කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බැවින් පෝෂිත ප්‍රදේශවලට ඇති වන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව ඉදිරියේදී එම ජලාශද වාන් දැමිය හැකි බවත් මාදුරුඔය ජලාශයද උපරිම ජලමට්ටමේ පවතින බවත් මහවැලි අධිකාරිය වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර සෝමාවතී පුදබිමට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
පවතින කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකර ඒකකයේ අධ්‍යක්‍ෂ එල් ඒ එස් සූරියබණ්ඩාර මහතා මෙලෙස කරුණු දැක්වුවා.
මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලට නායයාමේ අවදානම පිළිබද රතු නිවේදන යළි නිකුත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක් වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා.




